ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ සමාජ ආරක්ෂණ ප්‍රතිසංස්කරණ
ආචාර්ය හේමසිරි කොටගම
දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය
ශ්‍රී ලංකාව, වර්තමානයේ මුහුණපා ඇති ආර්ථික අර්බුදයෙන් මිදීමට උපකාරයක් ලෙස, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් මෑතකදී ණයක් ලබා ගත්තේය. ශ්‍රී ලංකාව මින් ඉහත ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් 16 වතාවක් ගෙවුම් ශේෂ අර්බුද තුලනය කිරීමට ණය ගෙන ඇත. මේ සෑම අවස්ථාවකදීම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා එකඟත්වයන්ට පැමිණ ඇති අතර, දොළොස් වතාවක් ණය වැඩ සටහන් සාර් ථකව නිම කර ඇත.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මුල්‍ය සහය සහ ආර්ථික ප්‍රතිසංස්කරණ රටට වාසී දායක වූ බව සමහරුන් දරන මතය වන අතර, සමහරුන් ප්‍රතිවිරුද්ධ මත දරති. යථාර්තය වනුයේ අපට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය පතන්ට සිදු වුයේ අපගේ සාර් ව ආර්ථික කළමනාකරණයේ දුර්වලතා නිසාය. මෙවර 17 වන වතාවටත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය පැතුවේ පෙර නුවූ විරු ලෙස අප ආර්ථිකය අර්බුදයකට පත් වූ නිසාය.
මෙවර ආර්ථික අර්බුදයට හේතු අතර ගෙවුම් ශේෂය අසමතුලිතාවය සහ ණය ආපසු ගෙවීමට නොහැකිවීම ප්‍රධාන වේ. මෙවරත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ණය දීමේ කොන්දේසි ලෙස, රට ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීමේ ක්‍රමඋපායන් සහ කොන්දේසි යෝජනා කර ඇති අතර, ඒ සඳහා ශ්‍රී ලංකා රජය එකඟත්වය පල කර ඇත. මේ ක්‍රමඋපායන් සහ කොන්දේසි සමහරකගේ යෝජිතබව පිළිබඳ වාද විවාද කල හැක; එකඟතා නොඑකඟතා තිබිය හැක. නමුත්, රජය සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඇතිකරගත් කොන්දේසි සහ ක්‍රමඋපායන් අතරින් අවිවාදෙයෙන් පිළිගත හැකි කොන්දේසියක් වනුයේ අපගේ සමාජ ආරක්ෂණ වැඩසටහන් (Social Safety Net) ප්‍රතිසංස්කරණ කර දියුණු කිරීමය. මිට හේතු වී ඇත්තේ වත්මන් සමාජ ආරක්ෂණ වැඩසටහනේ ඇති දුබලතා මගහැරවීම, මෑතදී කොවිඩ් රෝග වියසනය සහ ආර්ථික අර්බුදයෙන් තීව්‍ර වූ දුප්පත්කම අවම කිරීම සහ යෝජිත ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වූ විට දුප්පතුන්ට විය හැකි අනිසි බලපෑම අවම කිරීමටත්ය.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය වැඩ සටහන තුල ශ්‍රී ලංකා රජය එකඟ වූ සමාජ ආරක්ෂණ වැඩසටහන ප්‍රතිසංස්කරණ පිළිබඳ මෙම කෙටි හැඳින්වීමේන් බලාපොරත්තු වනුයේ සමාජය දැනුවත් කිරීම සහ සමාජ මත ගොනුකර ශ්‍රී ලාංකීය සමාජ ආරක්ෂණ වැඩසටහන වැඩි දියුණු කිරිමට බලපෑම් කිරීමටය. මෙහි අන්තර්ගත කරුණු සහ දත්ත පදනම් වනුයේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ලංකාවට මෑතකදී දෙන ලද ණය එකගතාවය පිලිබඳ මාණ්ඩලික වාර්තාවයි (වෙළුම් 2023 අංක 116). මෙය අන්තර්ඡාලයෙන් බාගත හැක https://www.elibrary.imf.org/view/journals/002/2023/116/002.2023.issue-116-en.xml.
පසුබිම: දුගී ප්‍රජාවට සහන සලසා ආරක්ෂා කරගැනීම සහ ඔවුන්ගේ ජිවිත නගා සිටුවීම, අත්‍යවශ්‍ය මානුෂික සමාජ වගකීමකි. පවතින ආර්ථික අර්බුදයෙහි හේතු කාරක කුමක් වුවද, වග කිව යුත්තන් කවුරු වුවද, එහි ප්‍රතිඵලය දුප්පත් පවුල්වලට වේදනාකාරී ලෙස ලෙස බලපා ඇති බව අවිවාදාත්මක යථාර්තයයි. අතිශයෙන්ම මන්දගාමීවූ ආර්ථික ක්‍රියාකාරකම් හේතුවෙන් වැසුනු ව්‍යාපාර නිසා, රැකියා සහ ආදායම් අහිමිවීම් පුළුල්ව සිදුවින. ඇතිවූ අතිශය අධික මිල උද්ධමනය දුප්පතුන් කබලෙන් ලිපට හෙළිය. දුප්පත් පවුලක් පරිභෝජනය කල භාන්ඩ හා සේවා මිල උද්ධමනය 66.4% වූ අතර මධ්‍යම පන්තිකයන් මුහුණපෑ උද්ධමනය 56.2% විය. විශේෂයෙන් ආහාර මිල උද්ධමනය 2022 සැප්තැම්බරය වන විට 94.5% විය. ඒසමගම රටෙහි ආහාර අනාරක්ෂිත ජනගහනය 33% දක්වා ඉහල නැගුණි. මිල අධික අත්‍යවශ්‍ය ආහාර සඳහා වියදම් කිරීම අත්හැරිය නොහැකියාවෙන්, ළමුන්ගේ පාසල් පිරිවැය ආදිය අතහැරීමට සිදු වුවා විය හැක. අති දුප්පතුන්ට උකසට තාබවත් තාවකාලික අදායමක් ලබාගැනීමට මුල්‍ය අගයන් ඇති දෑ නොවීමත්, කුලියක් කිරීමටවත් අවස්ථා නැති වීමත්, නිසා, ඔවුන් දැඩිව අසරණ විය.
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් දරිද්‍රතා අනුපාතය දෙගුණයකින් වැඩි වී ඇති අතර සමාජ අදායම් අසමානතාවයද වැඩිවී ඇත. ජාත්‍යන්තර වශයෙන් දරිද්‍රතා අනුපාතය ලෙස සලකනුයේ ජනගහනයෙන් කුමන ප්‍රතිශතයක් දිනකට ඩොලර් 3.65 අඩුවෙන් ලබන්නේද යනුය. මෙම මිනුමේ නිසි අනිසි බව විවාදාත්මකය. කෙසේ නමුත් මෙම මිනුම මත 2022 දී දරිද්‍රතා අනුපාතය සියයට 11.3 සිට සියයට 25.6 දක්වා වැඩිවී ඇත. අදායම් ව්‍යාප්තියේ මිනුම ගිනි දර්ශකයයි. එය වැඩිවීම අදායම් ව්‍යාප්තිය වඩාත් අසමවීමකි. ගිනි දර්ශකය 2019 දී 37.7% සිට 2022 දී 39.9% දක්වා වැඩි වී ඇතැයි පුරෝකථනය කර ඇත.
දුප්පතුන් සමාජ ආර්ථික පීඩා විඳින බැවින්, ඔවුන්ගේ ආරක්ෂණයට සමාජ ආරක්ෂණ වැඩසටහන් (Social Safety Net) පීඩා අවම කිරීම සඳහා වැදගත් කා භාරයක් ඉටු කර සහ කරනු ඇත. ශ්‍රී ලංකාවේ පවත්නා ප්‍රධානම සමාජ ආරක්ෂණ වැඩසටහන් වනුයේ: සමෘද්ධි වැඩසටහන (විශාලතම දිළිඳුකම ඉලක්ක කරගත් මුදල් සම්ප්‍රේෂණ වැඩසටහන), වැඩිහිටියන් (අවුරුදු 70 ට වැඩි) සඳහා දීමනාව, ආබාධිත පුද්ගලයින් සහ වකුගඩු රෝගීන් සඳහා මුල්‍ය ආධාර වැඩසටහන්වේ. මෙම වැඩසටහන් කොවිඩ් වසංගතය සහ පවතින ආර්ථික අර්බුදය අතරතුර දුප්පතුන්ට සහ අවදානමට ලක්වූවන්ට හදිසි ආධාර සැපයීම සඳහා භාවිතා කර ඇත.
2020-21 දී කොවිඩ් වසංගත අපහසුතා නිවාරණ සහන සහ 2022 දී ආර්ථික අර්බුදය දී ආර්ථික අපහසුතා නිවාරණ සඳහා හදිසි මුදල් ප්‍රේක්ෂණ නිසා සමාජ ආරක්ෂණ වැඩසටහන් සඳහා රජයේ වියදම් මෑත වසරවලදී වැඩි වී ඇත. සමාජ ආරක්ෂණ වැඩසටහන් සඳහා වියදම් 2015-19 කාලය තුළ දළ දේශීය නිෂ්පාදනයෙන් 0.4% ක් පමණ වූ අතර, එම වීයදම් දළ දේශීය නිෂ්පාදනයෙන් 0.9% දක්වා 2020 වනවීට වැඩි වුන අතර 2021 දී දළ දේශීය නිෂ්පාදනයෙන් 0.6% විය. මෙම වැඩිවීමට බලපෑවේ කොවිඩ් වසංගත නිවාරනයට දෙන ලද සහනය. වර්ෂ 2022 දී දළ දේශීය නිෂ්පාදනයෙන් 0.6% ක් පමණ, සමාජ ආරක්‍ෂිත වැඩසටහන් සඳහා රජයේ වියදම විය. මෙයින් ඩොලර් මිලියන 326 පමණ (දළ දේශීය නිෂ්පාදනයෙන් 0.4%) ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන්, ඔවුන්ගේ පැවතුනු ව්‍යපෘති ණය ප්‍රතිනිර් මාණය කොට දුප්පතුන් සහ අවදානමට ලක්වූවන් සඳහා හදිසි ආධාර සැපයීම සඳහා ලබා දුන් ආධාරයකි. සමාජ ආරක්‍ෂිත වැඩසටහන් ප්‍රතිලාභීන් 2019 දී මිලියන 2.3 සිට 2022 දී මිලියන 3.3 දක්වා සියයට 40 කින් පමණ වැඩිවි ඇත. නමුත් ඇස්තමේන්තු අනුව මෙම කාලය තුල සමාජ ආරක්‍ෂිත වැඩසටහන් නිසා 28.7% වීමට තිබු දරිද්‍රතා ප්‍රතිශතය 25.6% පහතවැටී වී ඇත (3.1%). මෑත වසරවලදී සමාජ ආරක්‍ෂිත වැඩසටහන් යටතේ වියදම් සහ ප්‍රතිලාභීන් වැඩිවීමක් සිදුවුවත්, එහි මුල්‍ය ප්‍රමාණවත් බව, ආවරණය සහ ඉලක්ක කිරීම වැඩිදියුණු කලයුතුය.
ශ්‍රී ලාංකීය සමාජ ආරක්‍ෂිත වැඩසටහන්වල මුල්‍ය ප්‍රමාණවත් බව, සාපේක්ෂව සලකන්නේ නම්, 2019 වසරේදී ප්‍රතිලාභීයෙක් ලැබූ ප්‍රතිලාභය ඔවුන් ප්‍රතිලාභ ලබන්නට පෙර පරිභෝජන පිරිවැයෙන් 12% වූ අතර, ලෝකයේ අනෙකුත් අඩු සහ ඉහළ මද්‍යම ආදායම් සහිත රටවල මෙම අගය 30%. වර්ෂ 2020-22 වසර වලදී මුල්‍ය සමාජ ප්‍රතිලාභ වැඩි කලද අතිශය ඉහල උද්ධමනය නිසා ලැබූ සත්‍ය ප්‍රතිලාභ වල ඉහල යාම අඩුවූ බව නිසැකය.
ශ්‍රී ලංකාවේ වර්තමාන සමාජ ආරක්ෂණ වැඩසටහන්වල ආවරණය (ප්‍රතිලාභ ලබන පුද්ගල සංඛයාවන්) සහ ඉලක්ක කිරීම (ප්‍රතිලාභ ලබන්නේ කවුද) දුර්වලය. උදාහරණයක් ලෙස, නවතම දත්ත අනුව සමෘද්ධි ආවරණය සහ ප්‍රතිලාභීන් ඉලක්ක කර ගැනීම, කාලයත් සමඟ අනිසි අතට හැරී ඇත. 2006 දී, ජනගහනේයෙන් අඩුම අදායම් ලබන 20% අතරින් සියයට 50 කට වඩා සමෘද්ධි ප්‍රතිලාභ ලැබූ අතර 2019 වන විට එය සියයට 38ක් දක්වා අඩුවී ඇත. තවද 2019 වසරේ දත්ත අනුව පොහොසත්ම 20% අතර 12% සමෘද්ධි ප්‍රතිලාභ ලබන බව අනාවරණය වී ඇත.
ඉහත විස්තර කරන ලද පසුබිම මත ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ලබාදෙන ණය වැඩසටහන යටතේ ශ්‍රී ලංකා රජය එකඟ වූ සමාජ ආරක්ෂණ ප්‍රතිසංස්කරණ පහතින් දැක්වේ.
- 2023 වසරට සමාජ ආරක්ෂණ වියදම් සදහා රු. බිලියන 187 (දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6) වෙන් කර ඇත. මෙම මුදල පවතින සහ පැවතිය හැකි උද්ධමනය සලකමින් ඇස්තෙමේන්තු කර ඇත.
- 2023 සිට රජය සමාජ ආරක්ෂණය වැඩ සටහන් සදහා වසරට වාර්ෂිකව දල ජාතික අදායමින් 6-0.7% වෙන්කරනු ඇත.
- 2023 දී ප්‍රතිලාභීන් සංක්‍ය ාව 2022 වූ සංක්‍ය ාව වූ මිලියන 3 වනු ඇත.
- අනාගත ප්‍රතිලාභීන් තෝරාගැනීම සඳහා නව අනුමානයන් යොදා ගනු ඇත. මෙම අනුමාන මත ප්‍රතිලාභීන් තේරීම, ඔවුන් එක් කිරීම සහ ඉවත් කිරීම ක්‍රමවත් වෙනු ඇත.
- කාර්යක්ෂමතාව, ආවරණය සහ ඉලක්ක කිරීම වැඩිදියුණු කිරීම සඳහා ආයතනික ප්‍රතිසංස්කරණ සිදු කරනු ඇත.
- සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය (Welfare Benefits Board) ක්‍රියාත්මක කිරීම (2002 අංක 24 දරන සුබසාධන ප්‍රතිලාභ පනතට අනුකූලව). මෙම මණ්ඩලය මුදල් අමාත්‍යන්ශය යටතේ නීතිමය ආයතනයක් ලෙස සියලුම සමාජ ආරක්ෂණ වැඩසටහන් සහ ප්‍රතිසංස්කරණ සම්බන්ධීකරණය කරනු ඇත.
- සුබසාධන ප්‍රතිලාභ අයදුම්කරුවන්ගේ විද්‍යුත් දත්ත ගබඩාවක් පිලියෙල කරනු ඇත.
- සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය තීරණය කරනු ලබන නිර් ණා යක වලට අනුකූලව (සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ පිලිබඳ 19/10/2022 ගැසට් නිවේදනයට අනුකුලව) සමාජ ආරක්ෂණය සඳහා ප්‍රතිලාභීන් තෝරාගැනීම සහ සමාජ සුබසාධන ප්‍රතිලාභ ගෙවීම් සම්බන්ධීකරණය කරනු ඇත.
ප්‍රගතිය: සමාජ ආරක්ෂක ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ ක්‍රමවේදය, සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ පිලිබඳ 19/10/2022 ගැසට් නිවේදනයහි විස්තරාත්මකව දක්වා ඇත. දැනටත් මිලියන 3.7 ක අයදුම්කරුවන් සුබසාධන ගෙවීම් ලබා ගැනීමට ලියාපදිංචි වී ඇත. සත්‍යාපනය කළ හැකි ගෘහ ලක්ෂණ මත පදනම් වූ නිර්ණායක (අධ්‍යාපනය, සෞඛය, ආදායම්, වත්කම් සහ නිවාස තත්වය ආදී) පිලියල කර ඇත. ඊළඟ පියවර වනුයේ අයදුම්කරුවන්ගෙන් එම දත්ත ලබා ගැනීමය. මෙයින් පසු, එක් එක් ප්‍රතිලාභී අයදුම්කරුවන්ගේ නිර්ණායක සමුචිතය ගණනය කර, එම සමුචිත නිර්ණායක මත අයදුම්කරුවන් ශ්‍රේණිගත කරේ. එම ශ්‍රේණිගත කිරීම තුල, කඩඉම් සීමාවක් යොදා, ප්‍රතිලාභීන් තෝරනු ඇත. ප්‍රතිලාභ ගෙවීම් 2023 ජූනි මස ආරම්භ කිරීම අපේක්ෂා කරේ. සමහර වත්මන් ප්‍රතිලාභීන් නව ක්‍රමය තුල සුදුසුකම් නොලබයි නම් ඔවුන්ගේ සුබසාධන ප්‍රතිලාභ ක්‍රමයෙන් 2023 අවසානය වනවිට ඉවත් කිරීමට අපේක්ෂා කෙරේ.