මනුෂ්‍යත්වය සහ සංවර්ධනය
Description
අප සමාඡයේ බොහෝ දෙනා සංවර්ධනය අවබෝධ කරගෙන ඇත්තේ, ආර්ථිකමය හා තාක්ෂණීක ඡව සම්පන්න භාවය ලෙසය. පසුගිය වකවානුව පුරාවටම සංවර්ධනය කියා අප දුටුවේ අධි වේගී මාර්ග, වරාය සහ ගුවන් තොටුපල සහ සුපිරි වෙළද සංකීර්ණ ගොඩ නාගීම ආදියයි. දරිද්‍රතා ව්ශ්ලේෂණ කේන්ද්‍රය සංවර්ධනය යලි පරිකල්පනය කිරීම යන වැඩසටහන මුල් කර ගෙන සංවර්ධනය සහ මනුස්සකම මැයෙන් පාසල් රචනා සහ සිතුවම් තරගයක් 2014 දී සංවිධානය කරනු ලැබුවේ, සංවර්ධනය පිළිබද මෙවන් ජනපිය සහ අවිචාරශීලි අදහස් නැවත සිතා බැලීමකට ලක් කිරීමකටය. මෙම පාසල් තරගයේ අවසන් වටයට තේරුණු රචනා සහ සිතුවම් මෙසේ පොතක් ලෙස කළඑළි දැක්වීම, එයට සහභාගී වූ අනාගත ලේඛක ලේඛිකාවනි දිරිගන්වන්නක් වනු නොඅනුමානය